News Line| Off Air
Generic placeholder image

Sep
8

තේරිම් කාරක සභාව ජනපතිගේ ප‍්‍රකාශය ලබා ගන්නා දිනය තීන්දු කරයි

1631 Views


තේරිම් කාරක සභාව ජනපතිගේ ප‍්‍රකාශය ලබා ගන්නා දිනය තීන්දු කරයි

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කල තේරීම් කාරක සභාවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශයක් ලබා දීම වෙනුවෙන් දිනයක් වෙන්කරදී තිබෙනවා.

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ ලබන 20 වනදා පෙරවරු 10 00 ට ප‍්‍රකාශය ලබා ගැනීම සඳහා තේරිම් කාරක සභාවේ සාමාජිකයින් ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන බවයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ජනාධිපතිතුමා කැදවීමට අදාළ ලිපිය පසුගිය මස 23 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී තිබුණා. ඒ අනුව පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව පත් කලේ පසුගිය මැයි මස 23 වනදායි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුලූ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා. කාරක සභාව අවසන් වරට රැස් වුනේ පසුගිය මස 20 වනදායි


News Articles
Latest Videos
Most Popular Post