දිස්ත‍්‍රික් මැතිවරණ නිලධාරීන්ගේ විශේෂ සාකච්ඡවක් රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අද පැවැත්වීමට නියමිතයි. එම සාකච්ඡව සදහා කැදවා ඇත්තේ දිස්ත‍්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහ අතිරේක මැතිවරණ කොමසාරිස්වරුන්. ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡ කිරීමට නියමිත අතර මීට අමතරව ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡුාවක් පැවැත්වෙනවා.
සාකච්ඡුාව පැවැත්වෙන්නේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් වන අතර ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය ලබන ඔක්තෝම්බර් 11 වනදා පැවැත්වීමට නියමිතයි.
ඊට අදාළ තැපැල් ඡුන්ද සඳහා අයැදුම් කිරීම ලබන 13 වන දාට පෙර සිදු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන්නා.ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය වහාම පවත්වන ලෙස ශේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කලේ පසුගිය 30 වන දා යි.ජන්දය ප‍්‍රකාශය කිරීම සදහා ජන්ද දායකයින් 53 384 ක් සුදුසුකම් ලබා සිටිනවා.
ජන්ද මධ්‍යස්ථාන 47 කදී ජන්ද විමසීම සිදු වන බවයි ගාල්ල දිස්ත‍්‍රික් මැතිවරණ කොමසාරිස්වරයා සදහන් කලේ. ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාව සදහා තෝරා පත් කර ගැනීමට නියමිත සභිකයින් සංඛ්‍යාව 28 ක්.