News Line| Off Air
Generic placeholder image

Sep
9

වීසා නීති දැඩි කෙරේ

1688 Views


වීසා නීති දැඩි කෙරේ

නයිජීරියාව ඇතුලූ රටවල් 11 ක පුරවැසියන් සදහා වීසා නිකුත් කිරීමේදී දැඩි අවධාණයක් යොමු කිරීමට ආගනමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. දෙපාර්තමේන්තුව් මාධ්‍ය ප‍්‍රකාශක ගයාන් මිලින්ද මහතා සියත ප‍්‍රවෘත්ති වෙත කියා සිටියේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එහිදී දැඩි අවධාණයක් යොමුකර ඇති බවයි.

අදාළ රටවල පුරවැසියන් පැමිණ මෙරට තුළ විවිධ නීතිවිරෝධී ක‍්‍රියාවල නිරතවීමේ අවධානම මෙහිදී සැලකිල්ලට ගෙන තිබෙනවා. සෙසු රටවල පුරවැසියන් සදහා ද වීසා නිකුත් කිරීමේදී විශේෂ අවධාණයක් යොමුකරන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කලේ. පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල වීමෙන් පසු මෙරට ආගමන විගමන ක‍්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කර තිබෙනවා.

කෙසේවෙතත් වීසා නිකුත් කිරීමේදී මෙරට පැමිණෙන අයෝජකයින් සහ විදෙස් සංචාරකයින්ට අපහසුතාවක් ලක්වන කිසිදු ක‍්‍රියාමාර්ගයක් අනුගමනය නොකරන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post