සිසුවෙකුට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් 19 දෙනා මාතර මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 23 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
එම විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුට නවකවදය දුන් බවට චෝදනා එල්ල වූ මෙම සිසුන් 19 දෙනා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.
නවකවදයට ලක්වූ බව කියන සිසුවා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් ද නිකුත් කර තිබූ අතර පසුව ඔහු මාධ්‍ය හමුවක් කැදවා ඒ පිළිබද තොරතුරු අනාවරණ කළා.