News Line| Off Air
Generic placeholder image

Sep
9

අගමැති රනිල් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට

736 Views


අගමැති රනිල් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට කැඳවීමක් කර තිබෙනවා.

ඒ පසුගිය සිව්වසර තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන වංචා දුෂණ පිළිබඳ සොයා බලන කොමිසම හමුවට පැමිණිය යුතු යැයි දන්වමින් අද සවස සිතාසි නිකුත් කෙරුණා.

මේ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 12 වැනි දා පෙරවරු 9.30 ට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට කැදවීමට නියමිතයි.

එම නියෝගය ෆැක්ස් මගින් අග්‍රාමාත්‍ය කාර්යාලයටත්, අරලියගහ මන්දිරයටත් යොමු කර ඇති අතර හෙට එය ගෙන ගොස් භාරදීමට ද නියමිත බව සදහන්.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන ගිය රාජගිරියේ ගොඩනැගිල්ල බදු පදනම මත ලබා ගැනීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post