ලබන සැප්තැම්බර් 25 වෙනිදා පකිස්තානයේ දී පැවැත්වෙන එක්දින සහ විස්සයි 20 තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සහභාගි නොවන බවට අද (09) නිල වශයෙන් දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඒ අනුව දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, කුසල් ජනිත් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල පකිස්තාන තරග සංචාරය සඳහා එක් නොවන බවට අද ක්‍රිකට් ආයතනයට දැනුම් දුන් බවයි එම ජේෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.
එළැඹෙන පකිස්තාන තරග සංචාරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති සැලසුම් සම්බන්ධයෙන් අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබුවා. ඒ සඳහා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් රැසක් සහභාගිවී සිටියා.
ඒ අනුව දිමුත් කරුණාරත්න පාකිස්තාන තරග සංචාරය සඳහා නොයෑමට තීරණය කර ඇති බැවින් කණ්ඩායමේ එක්දින නායකත්වයට ළහිරු තිරිමාන්න පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.