News Line| Off Air
Generic placeholder image

Sep
10

අතුරුදන් වූ ගිනි අවි 02 ක් සොයා ගැනේ

708 Views


අතුරුදන් වූ ගිනි අවි 02 ක් සොයා ගැනේ

පානදුර උතුර පොලිස් ස්ථානයේ අස්ථානගත වී තිබු ටී-56 වර්ගයේ ගිනි අවි දෙක සොයා ගෙන තිබෙනවා. එම අවි අතුරුදන්වී තිබුණේ පසුගිය ජූලි මස 6 වනදා වන අතර පසුගිය 05 වනදා අංක තහඩු නොමැතිය ධාවනය කළ ස්කූටරයක් නතර කිරීම සඳහා අණ ලබා දීමේදී එහි ගමන් ගත් පුද්ගලයින් පොලීසියට වෙඩි තබා තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලීසිය සිදු කළ විමර්ශන වලට අනුව ඊයේ පස්වරුවේ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.සැකකරුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම් වලදී ටී 56 ගිනි අවි 02 ක් / මැගසින් 02 ක් සහ පතරෝම් කිහිපයක් සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප‍්‍රශ්න කිරීම් වලදී එම ගිනි අවි පානදුර පොලිස් ස්ථානයෙන් අතුරුදන්වූ ගිනි අවි බව අනාවරණය වී තිබෙනවා.ගිනි අවි සමග යුධ හමුදා සෙබලූන් දෙදෙනෙකු ඇතුලූ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ගිනි අවි අතුරුදන්වීම හේතුවෙන් පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ සහ තවත් පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම්කර තිබුණා.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක‍්‍රියාත්මකයි


News Articles
Latest Videos
Most Popular Post