ශ‍්‍රී ලංකා පරිපාලන සේවයට අයත් සියලූම නිලධාරීන් අද සහ හෙට වෘත්තීය ක‍්‍රියාමාර්ග වලට එලඹීමට තීරණය කර ඇති බව ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ලෙඩ නිවාඩු වාර්තා කරන බවයි.එම නිළධාරීන් හෙට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමටද තීරණය කර තිබෙනවා
විරෝධතාවයට පරිපාලන සේවා නිලධාරීන් 3 000 කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිත අතර රටපුරා ප‍්‍රාදේශිය ලේකම් කාර්යාල 334 ක සේවා කටයුතු මෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුව / පුද්ගලයින් ලියාපදංචි කිරිමේ දෙපාර්තමේන්තුව ඇතලූ ආයතන ගණනාවක සේවාවන්ට ද වෘත්තීය ක‍්‍රියාමාර්ගය හේතුවෙන් බාධා එල්ලවිය හැකි බවයි පරිපාලන සේවා සංගමයේ ලේකම්වරයා සඳහන් කළේ.
මේ අතර විශ්ව විඉාල අනධ්‍යන කාර්යමණ්ඩල සේවකයින් අද සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. වැටුප් ගැටලූවකට විසඳුම් ලබාදෙන ලෙෂ ඉල්ලමින් 16 000 ක සේවකයින් පිරිසක් වර්ජනයට එක්වන බවයි විශ්වවිද්‍යාලීය වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කළේ