News Line| Off Air
Generic placeholder image

Sep
10

කෘත්‍රීමව ශරීර කොටස් හදන යන්ත්‍රයක් අද ජනතා අයිතියට

838 Views


කෘත්‍රීමව ශරීර කොටස් හදන යන්ත්‍රයක් අද ජනතා අයිතියට

කෘත්‍රිම ශරීර කොටස් නිර්මාණය කිරීම සදහා අළුතින් ස්ථාපනය කෙරුණු ත්‍රිමාණ මුද්‍රණාගාරය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතින් අද (10) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුණා.

හදිසි අනතුරු සහ විකලාංග ඒකකයට අනුබද්ධව ක්‍රියාත්මක මෙම ත්‍රිමාණ මුද්‍රණාගාරය පිහිටා ඇත්තේ විකලාංග සායන පරිශ්‍රයේ යි.

ලෝක සෞඛ්‍ය සංවිධානය හදුන්වා දී ඇති උපකාරක තාක්ෂණවේදය අනුගමනය කරමින් එම වැඩපිළිවෙලට සහාය දැක්වීම සඳහා මෙම නව ඒකකය ස්ථාපනය කර තිබෙනවා.

අද විවෘත කෙරුණු ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයේ පරිලෝකන කොටස (Scඅන්නෙර්) හැරුණු විට අනෙක් සියලු කොටස් සහ එහි වැදගත්ම කොටස වන මෘදුකාංගය ද ශ්‍රී ලංකාවේම නිෂ්පාදනය වීම විශේෂත්වයක්.

කෘත්‍රීම අත් පා සහ අනෙකුත් ශරීර කොටස් වලට අමතරව ඇතැම් වෛද්‍ය උපකරණ ද මෙම යන්ත්‍රය මගින් නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව පවතින බව සදහන්.

1950 දශකයේ සිට ඊයේ වනතුරුම පැරිස් බදාම (ඵ්ලස්ටෙර් ඔෆ් ඵරිස්) ආධාරයෙන් නිෂ්පාදිත අච්චුවකින් මෙම කෘත්‍රිම අවයව නිර්මාණය සිදුකෙරුණ අතර අද දින විවෘත කෙරුණු ත්‍රිමාණ මුද්‍රණාගාරය මගින් අදාළ රෝගීන්ට සුවිශාල සේවාවක් සැපයෙනු ඇති. රෝගීන් වෙත තම සිරුරට 100% ක්ම ගැළපෙන අවයවය මෙමගින් නිර්මාණය කර ගත හැකියි.

මින් පෙර භාවිත කළ තාක්ෂණයට වඩා ඉතා උසස් තාක්ෂණ ක්‍රමවේදයක් මෙහිදී අනුගමනය කරන අතර පැරිස් බදාම මගින් මෙම නිර්මාණය සිදු කරන්නේ නම් ගත වන කාලය සති 3 කට අධිකයි.

නව ත්‍රිමාණ මුද්‍රණාගාරය මගින් සිදු කරන එක් නිර්මාණයක් පැය 4 ක වැනි කාලයකින් සම්පුර්ණ කර ගැනීමේ හැකියාව පවතිනවා.


News Articles
Latest Videos
Most Popular Post