එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ සිදුකළ සාකච්ඡුා ධනාත්මක බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ඊයේ රාත‍්‍රීයේ අරලියගහ මන්දිරයේ දීපැවති සාකච්ඡුාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
සාකච්ඡුාවේ ප‍්‍රථිඵල ඉදිරි දින කිහිපයේදී දැක ගත හැකි බවයි නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා මෙහිදී සඳහන් කළේ. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර මෙම හමුව සිදු වූයේ පක්ෂයේ ජේෂ්ඨ නායකයින් සහ අගමැතිවරයා අතර පසුගිය 6 වැනිදා පැවති සාකච්ඡුාවේදී ගත් තීරණයකට අනුවයි.
සාකච්ඡුාව සඳහා එක්සත් ජාතික පක්ෂයයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම්, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ද එක්ව සිටියා.