News Line| Off Air
Generic placeholder image

Sep
11

09යි 11 ප්‍රහාරයට අදට වසර 18යි

692 Views


09යි 11 ප්‍රහාරයට අදට වසර 18යි

ඇමරිකාවේ පිහිටි ලෝක වෙළද මධ්‍යස්ථානය ඉලක්ක කර එල්ල වූ සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරයට අදට වසර 18 ක් සපිරෙනවා.නිව්යෝක් නුවර පිහිටි වෙළඳ මධ්‍යස්ථානය සහ පෙන්ටගනය ඉලක්ක කරගනිමින් එම ප‍්‍රහාරය එල්ල වූයේ 2001 වසරේ සැප්තැම්බර් 11 වනදා පෙරවරුවේයි.

ප‍්‍රහාරය සිදුකළ දින අලූයම, ඇමෙරිකාවේ කැලිෆෝනියා වෙත පියාසර කරමින් තිබූ වෙළද යානා 04 ක් ත‍්‍රස්තවාදීන් විසින් පැහැර ගනු ලැබුවා. ඉන් ගුවන් යානා 02 ක් පියාසර කරවනු ලැබුවේ ලෝක වෙළද මධ්‍යස්ථානය හා පෙන්ටගනය ඉලක්ක කරගනිමින්.

ඇමෙරිකාවේ මහා මන්ත‍්‍රණ සභාව ඉලක්ක කරගනිමින් පියාසර කෙරවූ අනෙක් ගුවන් යානය, පෙන්සිල්වේනියාහිදී අනතුරට ලක්වුණා.
ඉන් ප‍්‍රහාරය සිදු කල ත‍්‍රස්තවාදීන් 19 දෙනාද ඇතුලත්ව පුද්ගලයන් තුන් දහසක් පමණ මිය ගිය අතර 6 000 කට අධික පිරිසක්් තුවාල ලැබුවා
මියගිය පුද්ගලයින් අතරින් හඳුනාගත හැකිවූයේ මළසිරුරු 1 600 ක් පමණයි.

ගොඩනැගිලි කඩා වැටිමෙන් පතිත වුනු ටොන් දහසක් පමණ සුන්බුන්වල පිළිකා කාරකයන් ද ඇතුලූව 2 500 කට අධික විෂ ද්‍රව්‍ය ඇතුළත් බවට සොයා ගැනුණා. සුන්බුන් සහිත වාතයට නිරාවරණය වූ බොහෝ පුද්ගලයින් ද පසුකාලීනව පිළිකා රෝගී තත්වයන්ගෙන් මියගිය බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අල්කයිඩා සංවිධානය විසින් මෙම ප‍්‍රහාරය ඔසාමා බින්ලාඩන්ගේ නායකත්වය යටතේ සිදුකළ බවට පසුව හෙළි වුණා.


News Articles
Latest Videos
Most Popular Post