News Line| Off Air
Generic placeholder image

Sep
11

කසල තේ තොගයක් සමග පුද්ගලයෙක් අල්ලයි

618 Views


කසල තේ තොගයක් සමග පුද්ගලයෙක් අල්ලයි

කසල තේ කිලෝ 18 000 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිළධාරීන් වත්තල ශ‍්‍රී වික‍්‍රම මාවත ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.

කසල තේ තොගය පෞද්ගලික සමාගමක ගබඩාවක තිබී සොයා ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් 50 හැවරිදි වෙලම්බඩ ප‍්‍රදේශයේ පදිංචි ගබඩා භාරකරු ඇප බැඳුම්කරයක් මත අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා මුදාහැර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර කන්කසන්තුරය උතුරු මුහුදේ සිදුකළ මුර සංචාරයකදී කේරල ගංජා කිලෝ 23 යි ග‍්‍රෑම් 100 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ගංජා තොගය මුහුදේ පාවෙමින් තිබියදී සොයාගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක‍්‍රියාත්මක වන අතර විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු 19 84 දුරකථන අංකයට දැනුම්දෙන ලෙස රජය ඉල්ලීමක් කර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post