News Line| Off Air
Generic placeholder image

Sep
11

ආසියානු යොවුන් පිටියේදී ශ්‍රී ලංකාවට පරාජයක්

999 Views


ආසියානු යොවුන් පිටියේදී  ශ්‍රී ලංකාවට පරාජයක්

ආසියානු වයස 19න් පහළ යොවුන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායමට එරෙහි තරගයෙන් බංගලාදේශ කණ්ඩායම ලකුණු 42 ක ජයක් වාර්තා කලා.
තරගය ඊයේ පැවැත්වුණේ මොරටුව ටිරෝන් ප‍්‍රනාන්දු ක‍්‍රීඩා පිටියේ දීයි. කාසියේ වාසිය දිනාගත් බංගලාදේශ 19 න් පහළ කණ්ඩායම ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලා.
ඒ අනුව බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 07 ක් දැවී රැුස් කල ලකුනු සංඛ්‍යාව 273 ක්.අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි 18 හැවිරිදි මොහමුදුල් හසන් ලකුනු 126 ක් රැස් කලා.
පන්දු යැවීමේ දී දිල්ශාන් මධුශංක කඩුලූ 3 ක් හා ඇශියන් ඩැනියෙල් කඩුලූ 2 ක් දවා ගත්තා. ලකුණ 274 ක ඉලක්කය හඹා ගිය ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 47 යි පන්දු 4 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැුස් කලේ ලකුනු 231 ක් පමණයි.
රොහාන් සංජය ලකුනු 42 යි. රකිබුල් හසන් කඩුලූ 3ක් බිද හෙලූ අතර මෙම ජයග‍්‍රහණයත් සමඟින් බංග්ලාදේශය ඊ කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණ ගත්තේ ප‍්‍රසාද ලකුණු 6ක් සමඟින්. ඒ අනුව ප‍්‍රසාද ලකුණු 4ක් සමගින් ශ‍්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ පසු වනවා.


News Articles
Latest Videos
Most Popular Post