News Line| Off Air
Generic placeholder image

Sep
11

ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට මාසික දීමනාවක්

1261 Views


ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට මාසික දීමනාවක්

වයස අවුරුදු 60 ට වඩා වැඩි ජ්‍යෙෂ්ඨ කලාකරුවන් සඳහා මාසයකට රුපියල් 5000 බැගින් ලබා දීමට කටයුතු කරන බව ප‍්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා.

එහි පළමු අදියර යටතේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් 200 දෙනෙකුට දීමනාව ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රජය විසින් කලාකරුවන් සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 94 ක මුදලින් ලැබෙන පොළිය මත එම දීමනාව ලබා දීමට තීරණය කර තිබෙනවා.

සංස්කෘතික අමාත්‍යාංශය සහ සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් මෙම වැඩසටහන සිදු කරන අතර සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් එය මෙහෙයවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post