ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පකිස්තාන තරඟ සංචාරයට එක්වීම වැළැක්වීම සඳහා ඉන්දියාව බලපෑම් එල්ල කළ බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ප්‍රකාශ කර තිබෙනවා.
2009 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පදනම් කර ගනිමින් ඇතැමුන් මෙම සංචාරයට එක් නොවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
පාකිස්තාන තරඟ සංචාරයට එක්වීමට කැමති ක්‍රීඩකයින්ගෙන් යුත් සංචිතයක් මේ වන විටත් සකස් කර ඇති බවත් අනිකුත් තරඟකරුවන්ගේ තීරණයට තමන් ගරු කරන බවත් අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.