News Line| Off Air
Generic placeholder image

Sep
12

පළාත් 04 කට මිලිමීටර 100 ඉක්ම වූ වැසි

692 Views


පළාත් 04 කට මිලිමීටර 100 ඉක්ම වූ වැසි

බස්නාහිර / සබරගමුව සහ වයඹ පලාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්ක වලත් මිලි මීටර 100 ත් 150 ත් අතර තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විඉා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර / ඌව / මධ්‍යම සහ උතුරු පලාත් වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත‍්‍රික්ක වලත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සෙසු ප‍්‍රදේශ වලට පස්වරු 02 00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් අකුණු අනතුරු වලක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විඉා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර සිටිනවා.
හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප‍්‍රදේශ වල සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප‍්‍රදේශ වල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. වැසි ඇති වන විටදී එම මුහුදු ප‍්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝ මීටර 70 හෝ 80 දක්වා ඉහළ යා හැකි අතර එවිට මුහුදු ප‍්‍රදේශ ඉතා රලූ විය හැකි බව කාලගුණ විඉා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post