ත‍්‍රස්තවාදය වැළැක්වීමට අවශ්‍ය නීති සංශෝධනය සහ නව නීති පැනවීම කඩිනමි කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා.
මෙම උපදෙස් ලබා දුන්නේ ජාතික ආරක්ෂාව පිළිබ`ද ආංශික අධීක්ෂණ කමිටුවේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමින්. පාර්ලිමේන්තු ඉතිහාසය තුළ ජනාධිපතිවරයෙකු මෙම කමිටු රැස්වීමකට සහභාගි වූ පළමු අවස්ථාව මෙයයි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා සදහන් කලේ ජාතික ආරක්ෂාව පිළිබ`ද ගතයුතු තීන්දු තීරණ කිසිසේත් ප‍්‍රමාද නොකළ යුතු බවයි.ඒ වෙනුවෙන් ගතයුතු තීන්දු තීරණ එම මොහොතේදීම නිසි පරිදි ගැනීම ඉතා වැදගත් බව ජනාධිපතිතුමා කියා සිටියා.
ජනාධිපතිතුමා අවධාරණනය කලේ අපේ‍්‍රල් 21 වනදා රටට මුහුණ දීමට සිදුවූ ආකාරයේ සිදුවීමක් යළි රට තුළ ඇතිවීමට ඉඩ නොතැබීමට පාර්ශව කැප විය යුතු බවයි.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබ`ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගීවීමට හෝ නොවීමට තම අභිමතය පරිදි කටයුතු කිරීමට අවස්ථාව පවතින බව නීතිපතිවරයා තමාට දන්වා ඇති බව ද ජනාධිපතිතුමා සදහන් කලා.
ජාතික ආරක්ෂාව පිළිබ`ද වැදගත්කම සලකා බලමින් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන නායකයෙකු ලෙස ඒ පිළිබ`දව ඉදිරි කටයුතු කරන බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ.