ඇපල් සමාගම විසින් නිෂ්පාදිත අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග සිය ගුවන් යානා තුළ රැගෙන යාම සීමා කිරීමට ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා. ඇපල් සමාගම විසින් අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග නිපදවා ඇත්තේ සීමිත සංඛ්‍යාවක් පමණයි.
ඒවායේ බැටරිය අධික ලෙස රත්වී ගිනි ගැනීමේ අවදානමක් ඇති විය හැකි බව ඇපල් සමාගම නිවේදනය කර ඇති බව සදහන්. අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග සිය ගුවන් යානා තුළ රැුගෙන යාම සීමා කිරීමට ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම තීරණය කර ඇත්තේ ද ඒ අනුවයි.
තවද තමන් සතු අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග ආරක්ෂිත බවට ඇපල් සමාගමෙන් තහවුරුවක් ලබා ගන්නා ලෙස ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම මගීන්ගෙන් ඉල්ලීමක් කරනවා. එවැනි තහවුරුවක් ලබාගෙන නොමැති අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග සිය යානා තුළ රැගෙන යාමට අවසර නොදෙන බව ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළා.