News Line| Off Air
Generic placeholder image

Sep
12

කංජිපානි ඉම්රාන්ට දුරකතන රැගෙන ගිය පියා ඇතුළු පිරිස අත්අඩංගුවට

1538 Views


කංජිපානි ඉම්රාන්ට දුරකතන රැගෙන ගිය පියා ඇතුළු පිරිස අත්අඩංගුවට

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ට ලබාදීම සඳහා ජංගම දුරකතන දෙකක් සහ චාජර් දෙකක් රැගෙන ගිය ඔහුගේ පියා, සොහොයුරා ඇතුළු හය දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් රැගෙන ගිය කෑම අසුරණයේ රහස් කුටියක තිබී මෙම ජංගම දුරකතන දෙක සහ චාජර් සොයාගත් බව පොලිසිය සඳහන් කළා.

අදට යෙදෙන සිරකරු දින සැමරුම වෙනුවෙන් බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයන්ට ඔවුන් මුණ ගැසීමට අවස්ථාව ලබාදී ඇති අතර, ඒ අනුව කංජිපානි ඉම්රාන්ගේ පියා ඇතුළු පිරිස එහි පැමිණ තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වනවිට රත්ගම පොලිසිය භාරයේ පසුවනවා.


News Articles
Latest Videos
Most Popular Post