ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත ටෝගෝ ජනාධිපති Faure Essozimna Gnassingbe මැතිතුමා (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණා.
ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කළා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහි දී කියා සිටියේ ටෝගෝ ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සබඳතාවල වර්ධනයට මනා රැකුලක් බවයි.