News Line| Off Air
Generic placeholder image

Sep
12

ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ 64ක් රිමාන්ඩ්

1029 Views


ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ 64ක් රිමාන්ඩ්

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමග සම්බන්ධ පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 64 දෙනෙකු අද (12දා) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 26 වැනිද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් මහතා නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි ජාතික තවුහිද් ජමාත් මූලස්ථානයේ ආයුධ පුහුණු ලබාගත් බවට සැකකරන කාත්තාන්කුඩිහි පදිංචිකරුවෝ පිරිසක්.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු සිදුකරන ලද විමර්ශන මත අදාළ පුද්ගලයන් මොවුන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post