අන්තර් ජාතික ටෙස්ට් කන්ඩායම් ශ්‍රේණිගත කිරීම් වල තවදුරටත් පෙරමුණ ගැනීමට ඉන්දීය කන්ඩායමට හැකිව තිබෙනවා. නවසීලන්තයට හිමිව ඇත්තේ දෙවන ස්ථානයයි.
එංගලන්තය 04 වන ස්ථානයත් ඔස්ටේ‍්‍රලියාවට 05 වන ස්ථානත් හිමිව තිබෙනවා. මේ අතර වසර 47 කට පසු එංගලන්ත – ඔස්ටේ‍්‍රලියා අළු බදුන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
ඒ දෙරට අතර පැවැති අවසන් හා පස්වන ටෙස්ට් තරගය එංගලන්තය ලකුණු 135 කින් ජය ගැනීමත් සමගයි.
ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වුනු තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත සිය පළමු ඉනිම සඳහා ලකුණු 294 ක් රැස් කලා
ඔස්ටේ‍්‍රලියා කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් රැස් කර ගත හැකි වුයේ ලකුනු 225 ක් පමණයි. එංගලන්තය දෙවන ඉනිම සදහා 329 ක් ලබා ගත්තා.
තරගයේ ජයග‍්‍රහණය සඳහා ඔස්ටේ‍්‍රලියාවට හිමිවූ ඉලක්කය ලකුණු 399 ක් වන අතර නමුත් ඔස්ටේ‍්‍රලියා කණ්ඩායමට සියලූ දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 263 ක් පමණයි.