News Line| Off Air
Generic placeholder image

Sep
23

රනිල් – සජිත් තවත් හමුවක් අද

592 Views


රනිල් –  සජිත් තවත් හමුවක් අද

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර සාකච්ඡුාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. අරලියගහ මන්දිරයේදී එම සාකච්ඡුාව පැවැත්වෙනු ඇති.
එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ / නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස සහ කථානායක කරූ ජයසුරිය මහත්වරුන් අතර හමුවක් ඊයේ පැවැත්වුණා.ඒ කථානායක නිළ නිවසේදීයි.

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව සොයාබැලීමට සිවු පුද්ගල කමිටුවක් පසුගිය 20 වනදා පත් කළා.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශ්වයෙන් නියෝජිතයන් දෙදෙනකු ඊට ඇතුළත්.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නියෝජිතයින් දෙදෙනා වන්නේ අමාත්‍ය රාජිත සේනාරත්න සහ අග‍්‍රාමාත්‍ය උපදේශක දිනේෂ් වීරක්කොඩි යන මහත්වරුන්.
සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශ්වයෙන් කබීර් හෂීම් සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් පත්කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂයා ඉදිරි දින කිහිපය තුළ ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post