News Line| Off Air
Generic placeholder image

Sep
23

මෝදි හා ට‍්‍රම්ප් අතර ද්වීපාර්ශවික සාකච්ඡා

495 Views


මෝදි හා ට‍්‍රම්ප් අතර ද්වීපාර්ශවික සාකච්ඡා

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්වීපාර්ශවික සාකච්ඡ අද පැවැත්වෙනවා.ඒ ධවල මන්දිරයේ දීයි
දින 07 ක නිල සංචාරයක් සදහා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා පසුගිය 21 වනදා ඇමරිකාවට පැමිණියා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ 74 වන සමුලූවට සහභාගී වීම නරේන්ද්‍ර මෝදිගේ ඇමරිකානු සංචාරයේ මුලික අරමුණයි. සංචාරයට සමගාමීව ඇමරිකාවේ සිටින ඉන්දියානුවන් හා මෝදි අතර හමුවක් ඊයේ හියුස්ටන් හීදී පැවැත්වුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ එරට සිටින ඉන්දියානුවන් 50 000 ක් පමණ ඊට සහභාගී වු බවයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ද මේ සදහා එක් වුණා
සිට රටට විශ්වාසවන්ත මිතුරෙකු සිටින බවයි ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා එහිදී සදහන් කලේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසියට සහභාගී වීම සදහා පැමිණ සිටින පකිස්ථානු අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හා ඩොනල්ඞ් ට‍්‍රම්ප් අතර හමුවක් ද අද පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post