වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයේ නිරත රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව හා මුදල් අමාත්‍යාංශය බලධාරීන් අතර සාකච්ඡුාවක් ආරම්භ වී තිබෙනවා. එහිදී සිය ගැටලූ සදහා විසදුම් ලැබුණහොත් ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අත්හිටුවන බවයි ඔවුන් සදහන් කලේ.
රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව අද මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය ආරම්භ කලේ රජයේ විධායක නිලධාරීන්ට රුපියල් 50 000 දීමනාවක් ලබාදීමට විරෝධය පල කරමින් මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ක‍්‍රියාත්මකයි. වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හේතුවෙන් රජයේ කාර්්‍යාල වල කටයුතු වල කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා.
බත්රමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ උණුසුම් තත්වයක් ඇති වුණා. නිලධාරීන් සේවයට වාර්තා නොකිරීම මත දෙපාර්තමේන්තුවේ කටයුතු අඩාල වී ඇති බවයි එහි ජ්‍යේෂ්ඨ ප‍්‍රකාශකයෙකු සදහන් කලේ.
කෙසේ වෙතත් එක් දින සේවා පමණක් මේ වන විට ක‍්‍රියාත්මක අතර සාමාන්‍ය සේවා දිනය තුළ ක‍්‍රියාත්මක වන්නේ නැහැ