News Line| Off Air
Generic placeholder image

Sep
23

මස්කෙළිය ප්‍රදේශයේ බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 20ක් රෝහලට

1096 Views


මස්කෙළිය ප්‍රදේශයේ බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 20ක් රෝහලට

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසක්ගෙන් වතු කම්කරුවන් 20 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ඔවුන් මස්කෙළිය පොලිස් වසමට අයත් තේ වතු 2ක තේ දළු නෙලමින් සිටින අතරතුර මෙම බඹර ප්‍රහාරයට ලක්ව ඇති අතර මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කළ බව සදහන්.

මස්කෙළිය ගවරවිල වතුයායේ සහ මස්කෙළිය සාමිමලේ යන තේ වතුවල වැඩ කරමින් සිටි වතු කම්කරු කාන්තාවන් 16 දෙනෙකු සහ වතු කම්කරුවන් සිව් දෙනෙකුට මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇති අතර අද උදසැන 10- 11 ත් අතර මෙම බඹර ප්‍රහාර එල්ල වී තිබෙනවා.

මෙම බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් සිව්දෙනෙකු පමණක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, සෙසු වතු කම්කරුවන් බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post