News Line| Off Air
Generic placeholder image

Sep
23

ගාල්ල – වඳුරඹ ප්‍රදේශයේ නාය යාමක්

1149 Views


ගාල්ල – වඳුරඹ ප්‍රදේශයේ නාය යාමක්

ගාල්ල, වඳුරඹ ප්‍රදේශයේ නාය යාමක් හේතුවෙන් කාන්තාවක් මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 36 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

වඳුරඹ පොලිස් වසමේ නාවල, කොකාවල ප්‍රදේශයේ නිවෙස් දෙකක් මෙලෙස නාය යාමට හසුව ඇති අතර එම නිවෙස් දෙකේ සිටි එක් කාන්තාවක් නිවස තුල පස් වලට යටවී සිටියදී සොයා ගෙන ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති නමුත් ඒ වන විට ඇය මියගොස් සිටි බව පොලිසිය සඳහන් කරනවා.

නාය යාමට ලක්වූ අනෙක් නිවසේ සිටි ආබාධිත කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post