News Line| Off Air| Games
Generic placeholder image

Sep
24

අධිකරණ නියෝගය නොතැකු අය අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා උතුරේ නීතිඥවරුන් වර්ජනයක

1167 Views


අධිකරණ නියෝගය නොතැකු අය අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා උතුරේ නීතිඥවරුන් වර්ජනයක

වර්ජනය සම්බන්ධයෙන් උතුරු පළාත් නීතිඥ සංගමයේ නියෝජිත ජ්‍යේෂ්ඨ නීතිඥ ඇන්ටන් පුලිදනායගම් මහතා පවසා ඇත්තේ අධිකරණ නියෝගය නොතකා ගොස් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහනය කිරීමට කටයුතු කළ ගලගොඩඅත්තේ ඥානසාර නාහිමි ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීම් කරමින් උතුරු පළාතේ නීතිඥවරුන් අද(24) සේවයෙන් බැහැරව කටයුතු කරන බවයි.  අද උදෑසන 11.00 ට මුලතිව් ම‍හේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපස මෙම විරෝධතාවයක් පවත්වන බව පුලිදනායගම් මහතා වැඩිදුරටත් පවසන ලදී.

අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමයන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය විහාර භූමිය හා නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල ඉදිරිපස මාර්ගයන් එපිට නයාරු වෙරළ සීමා මායිමේ පිහිටි පැරණි යුද හමුදා කඳවුරක් තිබූ ස්ථානයේ සිදුකරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා ඊයේ(23) නියෝග කලේ ආදාහන පූජෝත්සවය එම විහාරයේ සිදුනොකිරීම සඳහා කටයුතු කරන ලෙසත් එහි කෝවිලක් තිබෙන බැවින් එයට අගෞරවයක් වන බවට පවසමින් විහාරස්ථානයේ පිහිටි නිරාවිය පිල්ලයාර් කෝවිලේ පාලක සභාව විසින් මුලතිව් පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය කැඳවු අවස්ථාවේ අදාළ තීන්දුව මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයට පත් කළේය. කෙසේවෙතත් සංඝ සභාවේ තීරණය අනුව මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහනය කළ බව අදාහන පූජෝත්වයට වැඩම කළ භික්ෂූන් වහන්සේලා ඊයේ සවස පැවසූහ.

 


News Articles
Latest Videos
Most Popular Post