කොළඹ තදාසාන්න ප්‍රදේශ කිහිපයක මාර්ගවල ගමනාගමනයට පවතින අධික වර්ෂාපතනයත් සමඟ බාධා එල්ල වී ඇති වාර්තාවේ. ඊයේ (23) රාත්‍රී සිට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බව පොලීසිය සදහන් කළේය.
ඒ අනුව කොටහේන ජේතවන පංසල ඉදිරිපිට ආමර්වීදිය, බාබර් වීදිය ප්‍රදේශය, කොටහේන බ්ලුමැන්ඩල් පාර සෙන් ජේම්ස් වීදිය, කොටුව රෙක්ලමේෂන් පාර ජින්තු පිටිය හංදිය සහ කිරුලපන පොලීසිය ඉදිරිපිට මාර්ගයේ වාහන ගමනාගමනයට ද , එමෙන්ම හයිලෙවල්පාර, බේස්ලයින් පාර රොබට් ගුණවර්ධන හංදිය සහ දෙමටගොඩ අලි දෙන්නා පන්සල අසල මාර්ග ද වාර්ෂාව හේතුවෙන් ජලයෙන් යටවී ඇති බව පොලීසිය සදහන් කළේය.