News Line| Off Air
Generic placeholder image

Sep
24

ජීවිත 417 කගේ ජීවිත නාවික හමුදාව බේරා ගනියි

848 Views


ජීවිත 417 කගේ ජීවිත නාවික හමුදාව බේරා ගනියි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවධානමකට ලක් වී තිබෙනවා.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිලවා ගේ උපදෙස් මත පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා කණ්ඩායම් රැසක් විවිධ ප්‍රදේශවල මේවන විට අනුයුක්ත කර තිබෙන බව නාවික හමුදාව පවසනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, බද්දේගම, උඩුගම, පෝද්දල, ඉමදුව, නාගොඩ යන ප්‍රදේශවල සහ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, වලල්ලාවිට යන ප්‍රදේශවල මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ අකුරුස්ස ඇතුළු ප්‍රදේශ රැසක මේවන විට සහන කණ්ඩායම් යොදවා තිබෙනවා.

ඒ සඳහා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) සහ නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින්ගෙන් සමන්විත සහන සැළසීමේ කණ්ඩායම් අනුයුක්ත කර ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව, මේ වන විට නාවික හමුදාව විසින් සිවිල් වැසියන් 417 දෙනෙකු ආරක්ෂිත ස්ථානයන් වෙත ප්‍රවාහනය කිරීමට සමත්ව ඇති අතර, ගංවතුර හේතුවෙන් අවතැන්ව සිටි පුද්ගලයින් 18 දෙනෙකු බේරාගෙන ආරක්‍ෂිත ස්ථානයක් වෙත රැගෙන යාමට ද කටයුතු කර තිබෙනවා.

එමෙන්ම ඕනෑම හදිසි අවස්ථාවකදී යෙදවීම සඳහා සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි තවත් හදිසි අවස්ථා කණ්ඩායම් රැසක් මේ වන විටත් නාවික විධානයන්හි සූදානමින් තබා ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post