News Line| Off Air
Generic placeholder image

Sep
24

එජාප යේ විශේෂ සාකච්ඡාවක් අද

671 Views


එජාප යේ විශේෂ සාකච්ඡාවක් අද

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

පස්වරු 2ට පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර අංක දෙකේ දී එම රැස්වීම පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සහභාගි වන ලෙස එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ට ද දැනුම් දී ඇති බව වාර්තා වනවා.

එමෙන්ම අද රාත්‍රි 7ට අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරගේ නිවසේ ද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සාකච්ජාවක නිරත වනවා.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ කතානායක කරූ ජයසූරියගේ සහභාගීත්වයෙන් ඊයේ පැවති සාකච්ජාවේදී අනිද්දා වනවිට පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබුණා.

මේ අතර එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට තමා සමඟ එක්වන ලෙස පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post