ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ, ලෝටස් පාර තාවකාලිව වසා දමා තිබෙනවා.
විශ්‍රාම වැටුප් ගැටළුවක් මුල් කර ගනිමින් ආබාධිත රණවිරුවන් පිරිසක් ආරම්භ කළ විරෝධතා ක්‍රියාමාර්ගය අද(24) 14 වන දිනටත් පැවැත්වෙනවා.
අධික වර්ෂාවද නොතකමින් ඔවුන් කොටුව දුම්රියපොල ඉදිරිපිට මෙම විරෝධතාවයේ නිරතව සිටින අතර විරෝධතාව සදහා ආබාධිත රණවිරු පවුල්වල සාමාජිකයින් පිරිසක් ද එක්ව සිටින බව සදහන්.
විරෝධතාවයේ නිරත ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසීමට සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සභාපති නාරා ටි අරුන්ඛාන්ත් මහතා ද එම ස්ථානයට පැමින තිබෙනවා.