තුන් නිවුන් දරු සම්පතක සෙනෙහස උරුම වී ඇති එහෙත් එම දරුවන් හදා වඩා ගත නොහැකිව අසීරුතාවයට පත්ව සිටි මව් පිය යුවළ දෙපළක් වෙනුවෙන් සහන සළසමින් මුදල් පරිත්‍යාග සිදු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුකෙරුණා.
කුඩා තුන් නිවුන් දරුවන් තිදෙනෙකුගේ මවක් වන වත්තල, හැදල ප්‍රදේශයේ පදිංචි මුදිතා ධනංජනී එදිරිවීර මහත්මිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 25 ක මුදලක් සහ
තුන් නිවුන් දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන ඉඹල්ගස්දෙණිය යටත්තාවල පදිංචි කේ.එම්. තුසිත මංගල රූපසිංහ මහතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 මුදල් පරිත්‍යාගයක් සිදුකිරීම ඒ අනුව ජනාධිපතිතුමා අතින් සිදු කර තිබෙනවා.