News Line| Off Air
Generic placeholder image

Sep
25

ආපදාවෙන් 80 000 කට පීඩා – හෙට සිට වැසි අඩුවන ලකුණු

645 Views


ආපදාවෙන් 80 000 කට පීඩා – හෙට සිට වැසි අඩුවන ලකුණු

දිස්ත‍්‍රික්ක 08 කට බලපා ඇති ආපදා තත්වයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 79 959 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අයහපත් කාලගුණයෙන් මෙලෙස බලපෑම් එල්ල වී ඇත්තේ ගාල්ල මාතර හම්බන්තොට කලූතර කොළඹ ගම්පහ නුවර හා කෑගල්ල දිස්ත‍්‍රික්ක වලටයි.
ආපදා තත්වයෙන් පවුල් 3 696 කට අයත් පුද්ගලයින් 14 899 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 16 ක රදවා සිටිනවා. පුද්ගල මරණයක් වාර්තා වන අතර තුවාල ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 06 ක්. නිවාස 27 ක් පුර්ණ වශයෙන් හානි වී තිබෙනවා.

තවත් නිවාස 812 කට අර්ධ හානි සිදුව ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කලේ
වර්ෂාව හේතුවෙන් කළු ගගේ ජල මට්ටම මිල්ලකන්ද ප‍්‍රදේශයෙන් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
නිල්වලා ගගේ පානඩුගම ප‍්‍රදේශයේ ජල මට්ටම ගං වතුර තත්වය දක්වා වර්ධනය වී ඇති බවයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ගිං ගගේ ධාරා ප‍්‍රදේශ වලට ඇල හැලෙන අධික වර්ෂාව හේතුවෙන් බද්දේගම ප‍්‍රදේශයේ ජල මට්ටම සුළු ගංවතුර තත්වය දක්වා වැඩිවී තිබෙනවා.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් ගාල්ල/ මාතර / කළුතර / කෑගල්ල සහ රත්නපුර යන දිස්ත‍්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළා.
කළුතර දිස්ත‍්‍රික්කයේ නාය යෑමේ රතු නිවේදන නිකුත් කර ඇත්තේ බුලත්සිංහල / වලල්ලාවිට / මතුගම සහ අගලවත්ත යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහායි.
දොඩංගොඩ / ඉංගිරිය / පාලින්දනුවර සහ හොරණ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා නාය යෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.
ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඇල්පිටිය / නියාගම /ඉම¥ව / නාගොඩ සහ බද්දේගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා ද නාය යෑමේ රතු නිවේදන නිකුත් කළා
ගාල්ල කඩවත්සතර කෝරළය / නෙළුව සහ තවලම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා ද නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.
මාතර දිස්ත‍්‍රික්කයේ අතුරලිය හා පිටබැද්දර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා නාය යෑමේ අනතුරු ඇගවීම් ක‍්‍රියාත්මකයි. රත්නපුර දිස්ත‍්‍රික්කයේ කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහා ද නාය යෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.
කෑගල්ල දිස්ත‍්‍රික්කයේ නාය යෑම් පිළිබඳ අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ යටියන්තොට සහ දෙහි ඕවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහායි. නාය යාම් ලක්ෂණ පිළිබද අවදානයෙන් පසු වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස මහතා සදහන් කලා


News Articles
Latest Videos
Most Popular Post