පාකිස්තානයේ ඇති වූ භූ කම්පනයකින් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් 300 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. භූ කම්පනයේ අගය රික්ටර් මාපකයේ 5 යි දශම 8 ක් ලෙස සටහන්වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මීර්පූර් ප‍්‍රදේශයේ මහා මාර්ග හා රථ වාහන වලට දැඩි අලාභහානි සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ නිවාස රැසක් කඩාවැටී ඇති බවත් භූ කම්පනය ඇති වීමත් සමග ගොඩනැගිලි වල සිටි පුද්ගලයින් ඉවතට පැනීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් ප‍්‍රමාණය වැඩිවී තිබුණා.
පෙෂාවර් / රාවල්පින්ඩි / ලාහෝර් / ස්කාර්ඩු හා කොහාට් ඇතුළු නගර රාශියකට එහි කම්පනය දැනී තිබෙනවා. ආපදාවට පත් වූවන්ට කඩිනමින් සහන සැලසීම ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කළේ.