ජනාධිපති අපේක්ෂකත්වයට ගැටුම් ඇතිකරගන්නා එක්සත් ජාතික පක්ෂයේ දෙදෙනෙකුට බලය ලබාදී රටක් ඉදිරියට ගෙන යා හැකි දැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රශ්න කරනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ විදේශගත සේවක පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ අනු සංවිධාන ජාතික සම්මේලනයට කොළඹදී අද එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ද එම අවස්ථාවට එක්ව තිබෙනවා.