දුම්රිය වෘත්තීය සමිති ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
දුම්රිය රියදුරන් / නියාමකවරුන් / පාලකවරුන් / ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය අධීක්ෂණ මෙහෙයුම් නිළධාරීන් මෙම වර්ජනයට එක්ව සිටින බවයි දුම්රිය වෘත්තීය සමිති සදහන් කලේ.
මෙම වර්ජනයට හේතු වී ඇත්තේ වැටුප් හා ශ්‍රේණි විශමතා ගැටලූවක්. වර්ජනය හේතුවෙන් ලංගම සේවකයින්ගේ නිවාඩු අද සිට අවලංගු කිරීමට තීරණය කළ බවයි ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේ.
වැටුප් ගැටලූවක් මුල් කර ගනිමින් වැඩ වර්ජනක් ක‍්‍රියාත්මක කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති ද අද වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා සදහන් කලේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති 30 ක ඊට එක් වන බවයි.
අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය ද අද සිට දින දෙකක අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා. ඒ පාසල් 10 300 ක අනධ්‍යයන සේවක තනතුරු 25 කට අයත් සේවකයින්ගේ ගැටළු 31 මුල් කර ගනිමින්ඊ. ට සමගාමීව අද පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.
මේ අතර අබාධිත රණවිරුවන් ආරම්භ කළ විරෝධතාව 16 වන දිනටත් අද ක‍්‍රියාත්මකයි. රණවිරු අයිතිවාසිකම් සුරැුකිමේ ජාතික බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක සෙනරත් යාපා අනුර මහතා සදහන් කලේ රජය දුන් විසදුම් පිළිගත නොහැකි බවයි.
රණවිරුවන් සිව් දෙනෙකු පසුගිය 24 වනදා රාත‍්‍රියේ සිට අඛණ්ඩ උපවාසයක් ද ආරම්භ කලා. පසුගිය 11 වනදා මෙම විරෝධතාව ආරම්භ වුනේ තමන් මියගිය පසු භාර්යාව හෝ පවුලේ ඥාතියෙකුටද අදාළ විශ‍්‍රාම වැටුප ලබාගැනීමට අවශ්‍ය ප‍්‍රතිපාදන සලසන ලෙස ඉල්ලමින්.සියලූ ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප් ගෙවීමට රජය තීරණය කලා.