News Line| Off Air
Generic placeholder image

Sep
26

එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද

504 Views


එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද කැදවා තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ අද පස්වරු 3ට රැස්වීම කැදවා ඇති බවයි.
සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් වන යෝජනාව සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.
අද එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා නම් කිරීමට නියමිත බවයි අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේ.

කොන්දේසි කිහිපයකට යටත්ව නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එකග වී ඇති බව ඊයේ බී බී සී සිංහල සේවය වාර්තා කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සාකච්ඡුාවක් එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අතර සාකච්ඡුාවක් පසුගිය 24 වනදා රාත‍්‍රීයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
මේ අතර පොදු ජනතාව පෙරටුකරගත් ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කරන බව එක්සත් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මතුගම ඊයේ පැවති ජන හමුවට එක්වෙමින්.


News Articles
Latest Videos
Most Popular Post