News Line| Off Air
Generic placeholder image

Sep
26

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ලබන ඔක්තෝම්බරයේ

479 Views


පාර්ලිමේන්තු  විශේෂ  කාරක සභාවේ අවසන් වාර්තාව ලබන ඔක්තෝම්බරයේ

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිලිබද සොයා බැලීමට පත්කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව ඔක්තෝම්බර් මස දෙවන පාර්ලිමේන්තු සතියේදී ඉදිරිපත් කරන බව එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසනවා.
අවසන් වාර්තාව මේ වන විට සකස් කරමින් සිටින බවයි. නියෝජ්‍ය කථානායකවරයා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට පසුගිය 24 වනදා පස්වරුවේ කාරක සභාවේ සමාජිකයින් රැස්වුණා.

යළිත් ඔක්තෝම්බර් මස මුල් සතියේ කාරක සභාවේ සමාජිකයින් රැස්වීමට නියමිතයි.කාරක සභාව සදහා සාක්ෂි ලබා ගැනීම අවසන් කර තිබෙනවා.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නේ පසුගිය 20 වනදායි. ඊට අමතරව පාර්ශව 54 කට ආසන්න සංඛ්‍යාවකගෙන් කාරක සභාව සාක්ෂි විමසා තිබෙනවා.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිිංහ මහතා ඇතුලූ අමාත්‍යවරුන් 4 දෙනෙකු / රාජ්‍ය නිළධාරීන් / යුධ හමුදාපතිවරයා / පොලිස්පතිවරයා ඇතුලූ පොලිස් නිලධාරීන් පිරිසක්ද මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව පත් කලේ පසුගිය මැයි මස 23 වනදායි. තේරීම් කාරක සභාවේ කාලය ලබන මස 31 වනදා දක්වා දීර්ඝ කිරීමට පසුගිය 18 වනදා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුණා


News Articles
Latest Videos
Most Popular Post