News Line| Off Air
Generic placeholder image

Sep
26

SLT ස්පීඞ් අප් පාපැදි සවාරියේ තුන් වන දිනය අදයි

694 Views


SLT  ස්පීඞ් අප් පාපැදි සවාරියේ තුන් වන දිනය අදයි

අද පාපැදි සවාරිය බණ්ඩාරවෙල නගරයෙන් ආරම්භ වන අතර අවසන් වන්නේ කුරුණෑගලින්. ස්පීඞ් අප් පාපැදි සවාරියේ දෙවන දිනයේ ජයග‍්‍රහණය ඊයේ හිමි කර ගැනීමට වරාය අධිකාරී කණ්ඩායමේ සුජිත් හසන්ත සමත් වුණා.

දෙවන ස්ථානය හිමි කර ගත්තේ වරාය අධිකාරී කණ්ඩායමේ චමෝද් ද සිල්වා යි. තුන් වන ස්ථානය ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ජනක හේමන්ත විසින් දිනා ගත්තා. පාපැදි සවාරියේ සමස්ත දුර කිලෝමීටර 854 ක්.
රේසිං පිරිමි තරගයේ ජයග‍්‍රාහකයාට රුපියල් මිලියනයක් ද කාන්තා තරගයේ ශූරියට රුපියල් දෙලක්ෂ පනස්දහසක් ද කණිෂ්ඨ ඉසව්වේ ශූරයාට රුපියල් ලක්ෂයක මුදලක්ද ප‍්‍රදානය කෙරෙණු ඇති.

මේ අතර රග්බි ලෝක කුසලාන තරගාවලියේ ෆීජි කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගයෙන් ජය ගැනීමට උරුගුවේ කණ්ඩායම සමත් වුණා
අද ඉතාලිය හා කැනඩාව අතර තරගය සහ එංගලන්තය සහ ඇමරිකාව අතර තරගය පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post