News Line| Off Air
Generic placeholder image

Sep
26

රාජ්‍ය සේවයේ වැටුප අවමය රුපියල් 3,000 කින්ද උපරිමය රුපියල් 24,000 කින් වැඩි කෙරේ

740 Views


රාජ්‍ය සේවයේ වැටුප අවමය රුපියල් 3,000 කින්ද උපරිමය රුපියල් 24,000 කින් වැඩි කෙරේ

රාජ්‍ය සේවයේ වැටුප අවමය රුපියල් 3,000 කින් හා උපරිමය රුපියල් 24,000 කින් වැඩි කෙරෙන අතර දුම්රිය සේවාවේ වැටුප් විෂමතා ද ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ජනාධිපතිතුමා විසින් පත්කරන ලද විශේෂ වැටුප් කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ පරිදි සියලු රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප 2020 ජනවාරියේ සිට ක්‍රියාත්මක වන පරිදි අවමය රු.3,000 කින්ද උපරිමය රු.24,000 කින්ද වැඩිවනු ඇති. මෙම වැඩිවීම සිදුකරනුයේ සියලු නිලධාරීන්ගේ වැටුප් 2020 ජනවාරි වනවිට, 2015 වසරේ පැවැති ආරම්භක වැටුපට සාපේක්ෂව උපරිම වශයෙන් 107% ක් දක්වා වූ ප්‍රතිශතයකින් වැඩිකිරීමට අමතරව බව සදහන්.

එමෙන්ම මෙම නව වැටුප් වැඩිවීම හේතුවෙන් රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්‍රයන්හි තිබූ වැටුප් විෂමතාද ඉවත් වනු ඇත. වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට එස්. රනුග්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පහළොස් දෙනෙකුගෙන් සමන්විත වැටුප් සමාලෝචන කොමිසමක් ජනාධිපතිතුමා විසින් පත්කර තිබෙනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය අංශයේ සියලු සේවකයන්ගේ වැටුප් 2020 ජනවාරි මස සිට තවදුරටත් වැඩිවන අතර, විශේෂයෙන් දුම්රිය හා තැපැල් සේවාවන්ද ඇතුළුව වැටුප් විෂමතාවක් රාජ්‍ය අංශයේ පවතින්නේනම් එය මුළුමනින්ම ඉවත්වනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post