ගුරු විදුහල්පති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තී ක‍්‍රියාමාර්ගය අදත් ක‍්‍රියාත්මක බව වෘත්තීය සමිති පවසනවා. වර්ජනය ඊයේ ආරම්භ වුනේ වැටුප් ගැටලූවක් මුල් කර ගනිමින්.
මේ හේතුවෙන් දිවයින පුරා පාසල් වල කටයුතු වලට බාධා එල්ල වුණා. වසර 22 ක සිට පවතින මෙ වැටුප් ගැටලූවට වහා විසදුම් ලබාදීමට බළධාරීන් පියවර ගත යුතු බවයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති පෙන්වා දුන්නේ. අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය ද අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයේ නිරත වනවා.
ඔවුන් ඊයේ දිනයේදී ද මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයේ නිරත වුණා. ඒ පාසල් 10 300 ක අනධ්‍යයන සේවක තනතුරු 25 කට අයත් සේවකයින්ගේ ගැටළු 31 මුල් කර ගනිමින්. විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය 18 වන දිනටත් අද ක‍්‍රියාත්මකයි.
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක‍්‍රියාත්මක වනවා. ඒ දුම්රිය සේවයේ පවතින වැටුප් සහ ශ්‍රේණි විෂමතා මුල්කරගනිමින්. කෙසේවෙතත් වර්ජනය අතිහිටුවන තෙක් කිසිදු සාකච්ඡුාවක් සිදු නොකරන බවයි ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සදහන් කළේ.
රාජ්‍ය සේවයේ වැටුප අවමය රුපියල් 3,000 කින් හා උපරිමය රුපියල් 24,000 කින් වැඩි කර කිරීමට රජය තීරණය කර තිබෙනවා. 2020 වසරේ ජනවාරි මාසයේ සිට මෙය ක‍්‍රියාත්මකයි.