News Line| Off Air
Generic placeholder image

Sep
27

සෞදි අරාබිය නීති කිහිපයක් ලිහිල් කරයි

3456 Views


සෞදි අරාබිය නීති කිහිපයක් ලිහිල් කරයි

සෞදි අරාබිය පළමු වරට සංචාරක වීසා ලබා දීම ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම සංචාරක කාන්තාවන් සිය රට තුළදී අබාය පැළඳ සිටීම අනිවාර්ය නොවන බව ඔවුන් පවසා ඇති අතර සෞදි අරාබියේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා වන, නව වීසා වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බව සදහන්.

ඒ යටතේ රටවල් 49ක් සඳහා සංචාරක වීසා නිකුත් කිරීමට ඔවුන් පියවර ගෙන ඇති අතර සෞදිය සංචාරක වීසා නිකුත් කරන පළමු අවස්ථාව වන්නේද එයයි.

එමෙන්ම සංචාරක කාන්තාවන් සිය රට තුළදී අබාය පැළඳ සිටීම අනිවාර්ය නොවන බව එරට සංචාරක කටයුතු පිළිබඳ ප්‍රධානී අහමද් අල් කටීබ් පවසනවා.

කාන්තාවන්ට මුහුදු වෙරළ වැනි පොදු ස්ථානවලදී පවා නවීන ඇඳුම් පැළඳුම් වලින් සැරසී සිටිය හැකි බව ඔහුගේ නිවේදනයේ සඳහන්.

සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමේ අරමුණින් සෞදි බලධාරීන් මෙම නව වැඩපිළිවෙල ආරම්භ කර ඇති අතර සිය රටේ ආයෝජනය කරන්නැයි සෞදි බලධාරීන් විසින් විදෙස් සමාගම් වලින් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

එමඟින් 2030 වර්ෂය වන විට රටේ දළ දේශීය නිෂ්පාදනයට සියයට දහයක දායකත්වයක් ලබාගැනීමට අපේක්ෂිත බවද මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ පාලනය යටතේ සෞදි අරාබියේ පැවති දැඩි නීති රීති විශාල වශයෙන් ලිහිල් කෙරුණ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එය ජාත්‍යන්තරයේ දැඩි ප්‍රසාදයට ලක්වූ නමුත් මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් එල්ලවූ චෝදනාව සල්මාන් කුමරුගේ කීර්තියට එල්ලවූ කළු පැල්ලමක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post