News Line| Off Air
Generic placeholder image

Sep
27

ජෝර්දානයේ වීසා නොමැතිව රැඳී සිටින ශ්‍රමිකයන්ට පොදු සමා කාලයක්

472 Views


ජෝර්දානයේ වීසා නොමැතිව රැඳී සිටින ශ්‍රමිකයන්ට පොදු සමා කාලයක්

ජෝර්දානය විසින් යලි මාස දෙකක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිඛෙනවා.

සැප්තැම්බර් 22 වනදා ආරම්භ වුණු පොදු සමාකාලය ලබන නොවැම්බර් 21 වනදා දක්වා ක්‍රියාත්මක බව ජෝර්දාන තානාපති කාර්යාලය විසින් දන්වා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළා.

රැකියා වීසා මත ජෝර්දානයට ගොස් නියමිත වීසා නොමැතිව රැඳී සිටින විගමනික ශ්‍රමිකයන්ට මෙම පොදු සමා කාලය තුල කිසිදු දඩ මුදල් ගෙවීමකින් තොරව දිවයිනට පැමිණිය හැකියි.

කෙසේවෙතත් සංචාරක වීසා මත පැමිණ වීසා කාලය ඉක්මවා නීති විරෝධීව රැඳී සිටින විදේශිකයන්ට දඩමුදල් ගෙවීමකින් පසු රටින් පිටවිය හැකි බව ජෝර්දාන තානාපති කාර්යාලය සඳහන් කර තිබෙනවා.

ජෝර්දානය විසින් පසුගිය පෙබරවාරි මාසයේදී ද නීති විරෝධිව එරට රැදී සිටින විදේශිකයන්ට පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post