දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය තවමත් කි‍්‍රයාත්මකයි.
වැඩවර්ජනය නතර කර සාකච්ඡාවක් සදහා පැමිණෙන ලෙස ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ දුම්රිය වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කර තිබෙනවා.
ඔවුන් මෙලෙස වර්ජනයේ නිරත වන්නේ වැටුප් විෂමතා ගැටළුවක් මුල් කර ගනිමින්. මෙම වර්ජනය හේතුවෙන් අද පෙරවරුවේද කාර්යාලීය දුම්රිය බොහොමයක් අවලංගු කෙරුණ අතර කොළඹ කොටුව බලා අද පෙරවරුවේ ධාවනය කෙරුණේ කාර්යාලීය දුම්රිය 11 ක් පමණයි.
ඊට අමතරව අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොල වෙත එක් ඉන්ධන දුම්රියක්ද ධාවනය කෙරුණා.