හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේ වැව් ඉස්මත්තක තිබී මියගිය වන අලින් තුන් දෙනෙකුගේ මළ සිරුරු අද (27) පෙරවරුවේ සොයා ගෙන තිබෙනවා.
මෙසේ මියගොස් ඇති ඇතින්නක් ගැබ්බරව සිටින බව වනජීවී නිලධාරීහු ප්‍රකාශ කළා.
මෙම වන අලින් තිදෙනා යම්කිසි වසක් ශරීරගත කොට ඝාතනය කරන්නට ඇති බව වනජීවී නිලධාරීහු සැක කරන අතර මියගිය වන අලින් පිළිබඳව පරීක්ෂණයක් සීගිරිය වනජීවී නිලධාරීන් විසින් මේ වන විට ආරම්භ කොට තිබෙනවා.