News Line| Off Air
Generic placeholder image

Sep
27

ගියපාර වගේ මේ පාරත් හංසයාට දුන්නොත් වෙන වැඩේ හිතාගන්න පුලුවන් – විපක්ෂනායක කියයි

1823 Views


ගියපාර වගේ මේ පාරත් හංසයාට දුන්නොත් වෙන වැඩේ හිතාගන්න පුලුවන් – විපක්ෂනායක කියයි

එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ආර්ථිකය හෝ උතුරු නැගෙනහිර ගැටලුව පිළිබඳව කිසිවක් කථා කර නොමැති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඊයේ (26) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාන්තිකර්මවේදීන්ගේ සම්මේනලය අමතමින් ඔහු මේ බව කියා සිටියා.

”දැන් නම් තොවිල් නටන්න වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට. මෙතෙක් කල් ගෙවල් ගැන කතා කළා මිසක් රටේ ආර්ථිකය ගැන, උතුරු නැගෙනහිර ප‍්‍රශ්නය ගැන වචනයක් කතා කරලා නැහැ.

රටේ සංවර්ධනය ගැන කිසිම අදහසක් නැහැ. එතුමා වැඩි කාලයක් යෙදවූයේ යාල වනයේ ගත කරන්නයි.

ගියපාර හංසයාට ඡන්දය දීලා වුණ වැඩේ කවුරුත් දන්නවා. මේ පාර හංසයාට දුන්නොත් වෙන වැඩේ හිතාගන්නත් පුලුවන්. අපි මුල් තැන දිය යුත්තේ රට ජාතිය රැක ගැනීමටයි.”


News Articles
Latest Videos
Most Popular Post