ලොව විශාලතම පර්යන්තය සහිත ගුවන්තොටුපොළ චීනය පසුගියදා එරට ජනපති ෂී ජින් පින්ගේ ප්‍රධානත්වයෙන් ලොවට විවෘත කළා.
එම ගුවන්තොටුපොළ ස්ටාර්ෆිෂ් සත්වයෙකුගේ හැඩයකින් යුතුව නිර්මාණය කර ඇති අතර චීනය කමියුනිස්ට් පාලනයට පත්වීමේ 70 වැනි සංවත්සරයට සමගාමීව මෙම නව ගුවන්තොටුපොළ විවෘත කෙරුණා.
වසරකට මෙම ගුවන්තොටුපොළ ඔස්සේ මගීන් මිලියන 100කට අධික පිරිසකට පහසුකම් සැලසීමේ හැකියාව උදාවනු ඇති බවට බලධාරීන් විශ්වාසය පළකරනවා.
නුදුරේදීම මෙම ගුවන්තොටුපොළ ලොව කාර්යබහුලතම ගුවන්තොටුපොළ වනු ඇති බව ඔවුන් විදෙස් මාධ්‍ය වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.