News Line| Off Air
Generic placeholder image

Sep
28

ලෝක උරුම සීගිරි පර්වතය මත පහිටි ජල තටාකය සිදීයයි

2357 Views


ලෝක උරුම සීගිරි පර්වතය මත පහිටි ජල තටාකය සිදීයයි

ලෝක උරුම සීගිරි පර්වතය මත පහිටි ජල තටාකය මේ වනවිට සිඳීගොස් තිබෙනවා. සීගීරිය ප‍්‍රදේශයේ පවතින නියගය හේතුවෙන් දීර්ඝ කාලයකට පසුව එම ජල තටාකය සිඳීගොස් ඇති බව සදහන්.

ජල තටාකය සිඳීයාමත් සමග එහි පතුලේ පවතින රොන්මඩ ඉවත්කර අවට බැමි ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා නිලධාරී සුමිත‍්‍රා බස්නායක මහත්මිය පැවසුවා.

සිගිරි රාජධානිය පැවැති සමයේ නාන තටාකයක් ලෙස භාවිත කරන්නට ඇතැයි සැලකෙන මෙම ජල තටාකයට ජලය රැගෙන ගිය ආකාරය තවමත් රහසක්ව පවතිනවා.


News Articles
Latest Videos
Most Popular Post