News Line| Off Air
Generic placeholder image

Sep
28

ඇෆ්ගන් ජනපතිවරණය ඇරඹෙයි

684 Views


ඇෆ්ගන් ජනපතිවරණය ඇරඹෙයි

ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙනවා.

පෙරවරු 07.00 ට ආරම්භ වූ ඡන්ද විමසීම පස්වරු 05.00 ට අවසන් වීමට නියමිතයි.

ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා ඡන්ද දායකයින් මිලියන 09 යි දශම 5 ක් සුදුසුකම් ලබා සිටිනවා. ඉන් මිලියන 03 යි දශම 3 ක් කාන්තාවන්.

ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා ඇෆ්ගනිස්ථානය පුරා ඡන්ද මධ්‍යස්ථාන 49, 402 ක් ස්ථාපිත කර තිබෙනවා.

ඡන්ද වීමසීම සදහා දැඩි ආරක්ෂාවක් ලබා දී ඇත්තේ තලෙයිබාන් සංවිධානයේ තර්ජන හමුවේයි.

යුධ හමුදා හා පොලිස් නිළධාරීන් 72, 000 ක් ආරක්ෂක කටයුතු සදහා අනුයුක්ත කර තිබෙනවා.

මෙවර ඇෆ්ගන් ජනාධිපතිවරණයේ ප‍්‍රභලතම අපේක්ෂකයින් දෙදෙනා වන්නේ 70 හැවිරිදි වත්මන් ජනාධිපති ඇෂ්රෆ් ගානි හා 59 හැවිරිදි අබ්දුල්ලා අබ්දුල්ලාහ් සීන්.

ජනාධීපතිධූරයට පත් වීමට නම් අපේක්ෂකයෙකු සියයට 50 ට වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගත යුතුයි.


News Articles
Latest Videos
Most Popular Post